වෙනත් රෝග හා සෞඛ්‍ය ආබාධ වැඩිවීමේ තර්ජනයක් - WHO

අප්‍රේ 29, 2020

    කෙරෝනා පැතිරෙන රටවල වෙනත් රෝග හා සෞඛ්‍ය ආබාධ වැඩිවීමේ තර්ජනයක් පවතින බව ලෝක සෞඛ්‍ය පවසයි.

    කෙරෝනා රෝගය පැතිරී යන රටවල් සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපකරණ හා එන්නත් නොලැබීම හේතුවෙන් වෙනත් රෝග හා සෞඛ්‍ය ආබාධ වැඩිවීමේ තර්ජනයක් පවතින බව ලෝක සෞඛ්‍ය පවසයි. නැව්ගත කිරීම් වේගවත් කිරීම හා වැඩි ගුවන් ගමන් ධාරිතාවක් පවත්වාගෙන යාම මේ සඳහා විසඳුමක් බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

    රෝගය ආසාදානය වැළැක්වීම උදෙසා බොහෝ රටවල් තම රට වසා දැම්මට තීරණය කිරීමත් සමග සියලු ගමනාගමන පහසුකම් අවම වශයෙන්‌ පවත්වා ගනී. මේ හේතුවෙන් සෞඛ්‍ය අංශ වෙත අවශ්‍ය පරීක්ෂණ හා ආරක්ෂණ උපකරණ මෙන්ම ගෝලීය වශයෙන් බෙදා හරින එන්නත් හා එදිනෙදා සෞඛ්‍ය කටයුතුවලට අවශ්‍ය උපකරණ ප්‍රමාද වීමක් සිදුවේ.

    Latest News