ප්‍රංශයේ රට වසා දැමීමේ නීති ලිහිල්‌ කිරිමට සූදානමක්

අප්‍රේ 29, 2020

    ප්‍රංශය තුළ මේවන විට පවත්වාගෙන යන රට වසා දැමීමේ නීති ලිහිල්‌ කිරිමට සූදානම්‌ වන බව වාර්තාවේ.

    ඒ අනුව මැයි 11 වැනි දින සිට නීති ලිහිල්‌ කිරීමට හැකිවනු ඇති බවටයි, එරට අගමැතිවරයා තීරණය කර ඇත්තේ.

    අගමැති, එඩ්වඩ් පිලිප්‌ ඊයේ කියා සිටියේ කොරෝනා රෝගය වෙනුවෙන්‌ පනවා ඇති නීති ලිහිල්‌ කිරීම මගින්‌ රට ආර්ථික වශයෙන්‌ කඩා වැටීම නවත්වා ගැනීමට හැකි වන බවයි. නමුන්‌ රට ආර්ථික වශයෙන්‌ වේගවත්ව ක්‍රියා කිරීමත්‌ සමග රෝගය ආසාදනයවීමේ වේගය ද මේ අවදානමක්‌ පවතියි. තවද දිනකට වාර්තා වන කොරෝනා රෝගීන්‌ සංඛ්‍යාව තුන්දහසකට අඩු අගයක්‌ දක්වා පහළ යාමක්‌ දක්නට නොහැකි වුවහොත්‌ රටතුළ නීති ලිහිල්‌ කිරීමට අපහසුවන බව ද ඔහු පවසයි. මේවන විට ප්‍රංශය තුළ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව, එක්ලක්ෂ හැටපන්දහස් නවසිය එකොළහකි. ගතවූ පැය 24 තුළ වාර්තා වී ඇති නව රෝගීන් සංඛ්‍යාව 2638ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News