COVID - 19 තවමත් හදිසි මහජන සෞඛ්‍ය තත්වයක් - ලෝක සෞඛ්‍ය සංවිධානය

මැයි 02, 2020

    COVID -19 වසංගතය තවමත් ජාත්‍යන්තර හදිසි මහජන සෞඛ්‍ය තත්වයක් බව,ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. සිකුරාදා ජිනීවාහි පැවති මාධ්‍ය හමුවකදී සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මේ බව සඳහන් කළේය.

    කොරොනා වෛරසය සම්බන්ධයෙන් චීනයෙන් පිටත රෝගීන් 82 ක් වාර්තා වූ විට, ලෝක සෞඛ්‍ය සංවිධානය, එහි ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම වන “හදිසි මහජන සෞඛ්‍ය තත්වය”, ජනවාරි 30 වන දින ප්‍රකාශයට පත් කළේය.

    පසුව වෛරසය නිසා ඇති වූ රෝගය COVID -19 ලෙස නම් කරන ලදී.

    අන්තර්ජාතික සෞඛ්‍ය රෙගුලාසි යටතේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට යම් යම් කොන්දේසි සපුරා ඇති විට හදිසි තත්වයක් ප්‍රකාශ කිරීමට බලය ඇති අතර, එම තීරණය සෑම මාස තුනකට වරක්ම සමාලෝචනය කළ යුතුය.

    ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම රටකටම තාක්ෂණික හා සැපයුම් සඳහා සහය ලබා දෙනු ඇතැයි Tedros Adhanom මහතා මාධ්‍ය හමුවේදී පැවසීය.

    මුල සිටම පැහැදිලි කර ඇති පරිදි, සෑම සිද්ධියක්ම සොයා ගැනීම, හුදකලා කිරීම, පරීක්ෂා කිරීම සහ ප්‍රතිකාර කිරීම යන පුළුල් දිගටම ක්‍රියාත්මක කරන ලෙස ඔහු සියලු රටවල්වලින් ඉල්ලා සිටී.

    ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි වලට අනුකූලව දින 90 ක් තුළ COVID - 19 හදිසි කමිටුව යළිත් වරක් කැඳවන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසීය.

    Latest News