ඉන්දියාව ලොක්ඩවුන් සීමාව ඉදිරියටත්

මැයි 02, 2020

    මැයි මස 04 වැනි දින දක්වා පනවා තිබූ ඉන්දියාවේ අගුලු දැමීම තවත් සති දෙකකින්, එනම් මැයි 18 වනදා දක්වා දීර්ඝ කරන බව බලධාරීහු පවසති.

    කොරෝනා වයිරස ව්‍යාප්තිය අනුව ඉන්දියාව රතු, තැඹිලි සහ කොළ ලෙස කළාප වලට වෙන් කර ඇති අතර රෝගින් වැඩිපුර හමුවන ප්‍රදේශ රතු ලෙස නම්කර තිබේ.

    දින 21කින් රෝගීන් වාර්තා නොවූ ප්‍රදේශ හරිත කළාප ලෙස නම්කර ඇත.

    වයිරස ව්‍යාප්තිය අඩු ප්‍රදේශවල යම් ලිහිල් කිරීම් සඳහා අවසර දී ඇතැයි සඳහන් වේ.

    ඉන්දියාවේ ප්‍රධාන නගර සියල්ලම රතු කළාප ලෙස නම්කර ඇති අතර දැඩි අගුලු දැමීමේ නීති පනවා තිබේ.

    අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් මාර්තු 24 වනදා හදිසියේ ඉන්දියාව පුරා අගුලු දැමීම ක්‍රියාත්මක කළේය.

    ඉන්දියාවේ මේ වනවිට කොරෝනා රෝගීන් 37 257ක් වාර්තා වන අතර මරණ 1 223ක් සිදුවී තිබේ.

    රෝගයෙන් සුවවූ සංඛ්‍යාව 10, 007කි. කෙසේ වුවද බීබීසී පුවත් සේවට පවසන්නේ ඉන්දියාවේ ආසාදන සහ මරණ සංඛ්‍යාව වාර්තාවී ඇති ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බවයි.

    කොරෝනා වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් පැනවුණු අගුලු දැමීම හමුවේ ආර්ථිකය කඩාවැටීම හේතුවෙන් ඉන්දියාවේ බොහෝ කම්කරුවන්ගේ ආදායම් අහිමි වී ඇති අතර, මිලියන ගනනක සංක්‍රමණික කම්කරුවෝ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිති.

    Latest News