සෞදි අරාබිය ආර්ථික අවපාතය වළක්වා ගනී

මැයි 11, 2020

    ආර්ථික අවපාතය වළක්වා ගැනීමට සවුදි අරාබිය පියවර ගෙන තිබේ.

    ඒ, රාජ්‍ය ආධාර සහ මූල්‍ය සහන කප්පාදු කිරීමට ගත් තීරණයත් සමඟයි. වැට් බදු වැඩි කිරීමට ද පියවර ගැණින. ජීවන වියදම පිළිබඳ අවධානය යොමු කිරීමට ද සවුදි අරාබිය තීරණය කළේය. ඉන්ධන ඉල්ලුම අඩුවීම, සවුදි අරාබිය ආර්ථික අර්බුදයකට ලක්වීමට ප්‍රධාන හේතුවයි.

    මේ අතර, සවුදි අරාබියෙන් කොවිඩ් 19 රෝගීන් හතළිස් දහසකට ආසන්න පිරිසක් වාර්තා වී තිබේ. මියගිය පිරිස 246ක්. ඉන්ධන සඳහා පවතින ඉල්ලුම අඩුවීම හේතුවෙන් රටේ ව්‍යාපාර ද අකර්මන්‍ය වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සවුදි අරාබිය ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බවයි.

    Last modified on සදුදා, 11 මැයි 2020 19:16

    Latest News