කොවිඩ්-19ට සාර්ථකව මුහුණ දෙන නවසීලන්තයේ මහමැතිවරණය සැප්තැම්බර් 19

මැයි 12, 2020

    කොවිඩ්-19 රෝග ව්‍යාප්තියට සාර්ථකන මුහුණ දෙන නවසීලන්තය ජාතික මැතිවරණ කල් නොදමන බව නිවේදනය කරයි.

    එමෙන්ම රටවල් ගණනාවක් රෝග පාලනය සඳහා පනවා ඇති දැඩි නීති මේ වනිවට ක්‍රමයෙන් ලිහිල් කරමින් සිටී.

    අද වනවිට ගෝලීය වශයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හතළිස් දෙලක්‍ෂ අසූ දෙදහසක්. මරණ සංඛ්‍යාව දෙලක්‍ෂ අසූ අට දහස දක්වා ඉහළ නැඟ තිබේ. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව පහළොස් ලක්‍ෂ හතලිස් එක් දහසකට අධිකයි.

    නවසීලන්ත මැතිවරණ කොමිසම එරට මහ මැතිවරණය සඳහා වන සෞඛ්‍යාරක්‍ෂණ හා සෙසු රෙගුලාසි අද ප්‍රකාශයට පත් කළේය. සැප්තැම්බර් 19 දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණය කල් නොදමන බව එහිදී නිවේදනය කළේය. මැතිවරණය සඳහා දින නියම කෙරුණේ, පසුගිය ජනවාරි මාසයේ. එනම්, කොරෝනා ව්‍යාප්තිය දරුණු වීමට පෙරාතුවයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කර ඇති නිසා ආරක්‍ෂිතව මැතිවරණය පැවැත්වීමේ වාතාවරණයක් තිබෙන බව නවසීලන්ත රජය ප්‍රකාශ කරයි.

    Latest News