ඇමෙරිකාවේ ලුසියානාවට ක්‍රිස්ටෝබල් සුළි කුණාටුවේ බලපෑම්

ජූනි 08, 2020

    ක්‍රිස්ටෝබල් සුළි කුණාටුව හේතුවෙන් ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයට දැඩි වර්ෂාවක් ඇදහැලෙමින් පවතිනවා.

    පැයට සැතපුම් 50 ක වේගයෙන් සුළි කුණාටුව එම ප්‍රාන්තය හරහා ගමන් කරමින් පවතින බවයි, එරට කාලගුණ අංශ නිවේදනය කරන්නේ.

    මේ හේතුවෙන් ප්‍රාන්තයේ ජනතාව ආරක්ෂක ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

    අද මධ්‍යම රාත්‍රිය වනවිට සුළි කුණාටුව වඩාත් ප්‍රචණ්ඩ විය හැකි බවයි, වාර්තා වන්නේ.

    වර්ෂාව හේතුවෙන් අඩි 2 ත් 4 ත් අතර උසකින් ජලය ගලා බසිමින් පවතිනවා.

    Latest News