සතුන් මගින් මිනිසාට බෝවන රෝග සම්බන්ධයෙන් ඉහළ යාමක් දක්නට ලැබෙන බවප පවසන්නේ, අමෙරිකානු විශේෂඥයින් පිරිසක්.
සත්ත්ව ප්‍රෝටීන සඳහා ඇති අධික ඉල්ලූම, අක‍්‍රමවත් කෘෂිකාර්මික ක‍්‍රම මෙන්ම කාලගුණ විපර්යාස හේතුවෙන් කොවිඞ් - 19 වැනි මෙවැනි රෝග බෝවීම ඉහළ ගොස් ඇති බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.
ඒ අනුව, සතුන් මගින් බෝවන එහෙත්, මිනිසුන් විසින් නොසලකා හැර ඇති රෝග මගින් වසරකට පුද්ගලයින් මිලියන 02 ක් පමණ මියයන බවයි එම අමෙරිකානු විශේෂඥයින් පිරිසක් අනාවරණ කර ඇත්තේ.