ප්ලාස්ටික් පරිභෝජනය ඉහළ යාමෙන් පාරිසරික හානි

ජූලි 24, 2020

    ලොව ප්ලාස්ටික් නිෂ්පාදනය විශාල ලෙස අඩු නොකළහොත්, සාගරයට ගලායන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය ඉදිරි වසර 20 තුළ තුන් ගුණයක් වැඩි විය හැකි බව, අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

    ජාත්‍යන්තර අපද්‍රව්‍ය සංගමය සිදු කළ අධ්‍යයනයකදී මේ බව ප්‍රකාශ කෙරිණ. කොරෝනා වසංගත කාලයේ දී එක්වරක් පමණක් භාවිත කිරීමට සකසා ඇති ප්ලාස්ටික් පරිභෝජනය ඉහළ ගොස් තිබේ. ඒ අතර, මුහුණු ආවරණ සහ රබර් අත්වැසුම් විශාල වශයෙන් ආසියානු මුහුදු කලාපයට දිනපතා එක්වේ. ගෝලීය වශයෙන් සෑම වසරකදීම ප්ලාස්ටික් ටොන් මිලියන 11 සිට ටොන් මිලියන 29 දක්වා ප්‍රමාණයක් මුහුදට එක්වේ.

    Latest News