ප්‍රංශයේ පාසල් යළි වැසේ

සැප් 05, 2020

    ප්‍රංශයෙන් නැවත වරක් කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තාවීමත් සමගම පාසල් විසිදෙකක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

    වෛරස ව්‍යාප්තියත් සමගම වසා දැමුණු පාසල් හැටදහසකට ආසන්න සංඛ්‍යාවක් පසුගිය අගහරුවාදා විවෘත කරනු ලැබුවා.

    පාසල් විවෘත කර දින තුනක් ඇතුළත කොරෝනා ආසාදිතයින් පාසල් ආශ්‍රිතව හමුවීමත් සමගම නැවත වරක් පාසල් වසාදැමීමටයි බලධාරීන් කටයුතු කළේ.

    කෙසේ වුවද පාසල් විවෘත කිරීමට බොහොමයක් දෙමව්පියන් හා ගුරු සංගම් විරෝධය පළකළා.

    ඊයේ දිනයට පමණක් එරටින් හමුවූ නව ආසාදිතයින් සංඛ්‍යාව හත්දහස ඉක්මවා තිබෙනවා.

    Latest News