දිනක් තුළ වැඩිම ආසාදිතයින් ගෙවුනු පැය 24ට

සැප් 14, 2020

    ඉකුත් පැය 24 තුළ ලොව පුරා අලුතින් කොරෝනා වෛරස ආසාදිතයන් තුන් ලක්ෂ 7930 දෙනෙක් හඳුනාගෙන තිබේ. එය ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ කොරෝනා ගෝලීය ව්‍යාප්තිය ආරම්භ වූ දින සිට දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය මින් පෙර සඳහන් කළ ආකාරයට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූයේ ඉකුත් 6 වැනිදා. එම සංඛ්‍යාව තුන් ලක්ෂ 6857ක්. මේ වන විට යුරෝපය තුළ ද නැවතත් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ඉහළ අගයක් ගැනීම හේතුවෙන් මෙලෙස දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යන්නට ඇති බවයි, එම සංවිධානය පවසන්නේ.

    ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් සහ දෛනික මරණ සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වෙයි. ඒ අනූව, ඉකුත් පැය 24 තුළ එරට අලුතින් කොරෝනා ආසාදිතයන් 93,000කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ,එම කාල සීමාව තුළ සිදුවු මරණ සංඛ්‍යාව 1140 ඉක්මවා ඇති පසුබිමකයි.

    Last modified on සදුදා, 14 සැප්තැම්බර් 2020 11:29

    Latest News