ලොව වැඩිම කොරෝනා මරණ ඉන්දියාවෙන්

සැප් 16, 2020

    ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන මේ වනවිට ලක්ෂ 50 ඉක්මවා තිබේ. ඒ, ඊයේ (15) දිනයේදී එරටින් තවත් කොරෝනා ආසාදිතයින් 91,120 දෙනෙක් හඳුනා ගැනීමත් සමගයි.

    ඒ අනුව තවදුරටත් ලොව දෙවන වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වන රට වන්නේ ද ඉන්දියාවයි. මේ අතර ඊයේ දිනයේදී ලොව වැඩිම කොරෝනා මරණ වාර්තා වුනේ ද ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 1283 ක්.

    ඒ අනූව මේ වනවිට ඉන්දියාවෙන් කොරෝනා මරණ 82,091 ක් වාර්තා වෙයි.

    මේ වනවිට ලොව පුරා රටවලින් හඳුනාගෙන ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන දෙකෝටි අනූහත් ලක්ෂ 13, 891 ක්. ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා මරණ ගණන නව ලක්ෂ 38,362 ක් වෙයි.

    Last modified on බදාදා, 16 සැප්තැම්බර් 2020 08:56

    Latest News