ඩෙන්මාර්කයේ සංචාරකයින්ට බ්‍රිතාන්‍යයට ඇතුළුවීමට තහනමක්

නොවැ 08, 2020

    ඩෙන්මාර්කයේ මින්ක් ගොවිපලවල කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් ඩෙන්මාර්ක සංචාරකයින්ට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම වහාම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීහු ඊයේ (07) පියවර ගත්හ.

    බ්‍රිතාන්‍යය පසුගිය (05) නිවේදනය කළේ ඩෙන්මාර්කයෙන් පැමිණෙන සියලුම සංචාරකයන් ස්වයං හුදකලා වියයුතු බවයි.

    නමුත් ඩෙන්මාර්ක බලධාරින්ගෙන් වැඩිදුර තොරතුරු වාර්තා වීමෙන් පසු ඩෙන්මාර්කයේ සිට පැමිණෙන අමුත්තන්ට එක්සත් රාජධානියට ඇතුළුවීමට අවසර නොලැබෙන බව බ්‍රිතාන්‍ය ප්‍රවාහන අමාත්‍ය ග්‍රාන්ට් ෂැප්ස් පවසා ඇත.

    ඩෙන්මාර්කය හරහා සංක්‍රමණය වන බ්‍රිතාන්‍ය ජාතික නොවන සියලුම සංචාරකයින්ට මෙම නීතිය අදාළ වේ.

    තහනම සතියකට පසු සමාලෝචනය කරන බව ද එහි සඳහන්ව ඇත.

    Latest News