ප්‍රංශ ජනපතිට කොවිඩ් නිසා යුරෝපා නායකයින් රැසක් හුදෙකලා වෙයි

දෙසැ 19, 2020

    ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරුවීමත් සමග යුරෝපා නායකයින් රැසක් මේවනවිට නිරෝධායනයට ලක්ව, හුදෙකලාව සිටින බව විදෙස් වාර්තා කරයි.

    ජනාධිපතිවරයා බෙල්ජියමේ බ‍්‍රස්ල්ස් අගනුවර පැවැති සමුළුවකට පසුගියදා සහභාගී වී තිබිණ.

    ජනාධිපති එම්මානුවෙන් මැක්රන් ද මේ වනවිට නිරෝධායනය වෙමින් සිටින අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කෙසේදැයි මෙතෙක් අනාවරණ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    යුරෝපා නායකයින් රැසක් ද එම සමුළුවට සහභාගී වී ඇති අතර ඔවුන් එහිදී ප‍්‍රංශ ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කර ඇති බවයි වාර්තා වෙයි.

    යුරෝපානු කවුන්සිලයේ ප‍්‍රධානී චාල්ස් මිෂෙල්, පෘතුගාල අග‍්‍රාමාත්‍ය අන්තෝනියෝ කොස්තා, බෙල්ජියමේ අග‍්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ද කෲ, ලක්සෙම්බර්ග් අග‍්‍රාමාත්‍ය සේවියර් බෙටෙල් මෙන්ම අයර්ලන්ත අග‍්‍රාමාත්‍ය මයිකල් මාටින් ද මේවනවිට සිටින්නේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටියි.

    ස්පාඤ්ඤ අග‍්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් ද මේ වනවිටත් ස්වයං නිරෝධායනයට යොමු වී සිටින බව වාර්තා වෙයි.

    Last modified on සෙනසුරාදා, 19 දෙසැම්බර් 2020 09:30

    Latest News