ප්‍රංශය - ජර්මනිය - බ්‍රිතාන්‍යය හා අමෙරිකාවේ විදේශ අමාත්‍යවරුන් අතර ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය පිළිබඳව එකඟතා

පෙබ 19, 2021

    ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍යය හා ඇමරිකාව යන රටවල් හතරේ විදේශ ඇමතිවරු රැස්වූහ.

    න්‍යෂ්ටික නිර්ව්‍යප්ති පද්ධතිය ආරක්ෂා කරමින් ඉරානයට කිසිඳු දිනක න්‍යෂ්ටික අවි හිමි නොවීම සහතික කිරීම රටවල් හතරේ පොදු ආරක්ෂාවට හේතුවන බව රැස්වීමෙන් අනතුරුව නිකුත් කෙරුණු නිවේදනයේ දැක්වේ.

    ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්මත වීම වැදගත් රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිඵලයක් බව ද ඉන් අවධාරණය කෙරේ.

    ඇමරිකාව රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් ඉරානය සමග ක්‍රියා කිරීම යළි ආරම්භ කිරීමට දැරූ උත්සාහය හා එරට ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රංශය, ජර්මනිය හා බ්‍රිතාන්‍යය සමග ගැඹුරු සංවාදය යළි පැවැත්වීම, එම රටවල් තුන පිළි ගනී.

    ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය පිළිබඳව චීනය සහ රුසියාව සමග තවදුරටත් සම්බන්ධීකරණය හා සාකච්ඡාව පවත්වා ගෙන යන බව ප්‍රකාශ කළ එම රටවල් හතරේ විදේශ අමාත්‍යවරු, යුරෝපා සංගම‍යේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිතයාගේ අදාළ කාර්යභාරයන් ඉටු කිරීම පිළි ගන්නා බව ද නිවේදනය කර ඇත.

    Latest News