අමෙරිකාව අඟහරු මතට ගොඩබසී....

පෙබ 19, 2021

    අඟහරු ග්‍රහයා මතට සාර්ථක ලෙස රොබෝ යානයක් ගොඩබැස්සවීමට අමෙරිකාවේ නාසා ආයතනය සමත්විය.

    එම අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත විද්‍යාඥයන් ලබාදුන් සහය කැපී පෙනේ. සෞරග්‍රහ මණ්ඩලයේ සිව් වැනි ග්‍රහයා වන අඟහරු එහි රතු පැහැය නිසාම හඳුන්වනු ලබන්නේ, යුද්ධයට අධිපති රෝම දෙවියා වන මාර්ස්ගේ නමින්. මිනිසා අභ්‍යවකාශ තරණය ආරම්භ කළදා සිටමඅඟහරු ග්‍රහයා ගවේශනයට උත්සුක විය. එහි ජීවයක් පවතී යනුවෙන් පැවති විද්‍යාත්මක මතය ඊට හේතුවයි.

    1960 දශකයේ සිටම සෝවියට් දේශය සිව් වරක් අඟහරු වෙත යානා යැවීමට උත්සාහ කළත් සාර්ථක වූයේ නැත. ප්‍රථමයෙන් අඟහරු ග්‍රහයා ආසන්නයේ සාර්ථකව පියාසර කළ “මැරිනර් 4“ යානය අභ්‍යවකාශ ගත කිරීමේ ගෞරවය හිමිකර ගත්තේ අමෙරිකාවේ නාසා ආයතනයයි.

    එදා-මෙදාතුර මේ දක්වා අමෙරිකාව, රුසියාව, චීනය, ජපානය, ඉන්දියාව, එක්සත් අරාබි එමිර්, බ්‍රිතාන්‍ය හා යුරෝපා විසින් අඟහරු ගවේශන මෙහෙයුම් 49ක් ක්‍රියාත්මක කර තිබේ.

    මේ වසර තුළ චීනය හා එක්සත් අරාබි එමිර් රාජ්‍ය අභ්‍යවකාශ ගත කළ යානා අඟහරු වෙත ළඟාවිය. අලුතින්ම මේ ලැයිස්තුවට එක් වූයේ අමෙරිකාව ක්‍රියාත්මක කළ පර්සිවියරන්ස් අඟහරු ගවේශන මෙහෙයුමයි.

    Latest News