රුසියාව නිපදවූ තුන්වන කොවිඩ් එන්නතට එරට අනුමැතිය

පෙබ 21, 2021

    රුසියාවේ නිපදවන ලද තුන්වන කොවිඩ් මර්දන එන්නත වන කොවිවැක් එන්නත ද එරට මහජනතාව සඳහා භාවිත කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.

    රුසියානු අගමැති මිකායල් මිෂුස්ටන් ප්‍රකාශ කළේ නව්‍ය කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කළ හැකි කොවිඩ් එන්නත් තුනක් නිපදවූ ලොව පළමු රට රුසියාව බවයි.

    මේ වනවිටත් රුසියාව එරටදී අත්හදා බැලීම් සිදු කළ එන්නත් දෙකක් මහජන භාවිතය වෙනුවෙන් අනුමැතිය ලබා දී තිබෙනවා.

    ඒ අතරින් ස්පුට්නික් වී එන්නත කොරෝනා වෛරසයට එරෙහිව සියයට 91 යි දශම 4 ක ඵලදායීතාවක් පෙන්නුම් කරන බව අනාවරණ වුණේ පසුගිය දෙසැම්බර් මාසයේදීයි.

     

    Latest News