රටවල් 53කට චීනයෙන් එන්නත්

පෙබ 21, 2021

    චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල් 53 ක් වෙත එන්නත් ප්‍රදානය කිරීමට කටයුතු කර තිබෙනවා.

    නිෂ්පාදන සීමාවන් හේතුවෙන් අපහසුතා මතුවුවද එන්නත් බෙදීයාමේ අසමානතාවය සැලකිල්ලට ගනිමින් සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම ප්‍රදානය සිදු කිරීමට තීරණය කළ බවයි, චීනය පවසන්නේ.

    එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහනට ද තම පූර්ණ සහයෝගය ලබාදෙන බව චීනය පවසනවා.

    ලොව එන්නත් සංඛ්‍යාවෙන් සියයට හැත්තැපහක ප්‍රතිශතයක් රටවල් දහයක් අතර පමණක් බෙදීයාම හේතුවෙන් එන්නත් ලොවපුරා බෙදීයාම පිළිබදව දැඩි අසමානතාවයක් මෙන්ම අසාධාරණයක් සිදුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩර්නොම් ගේබ්‍රියේසස් මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කළා.

    Last modified on ඉරිදා, 21 පෙබරවාරි 2021 10:46

    Latest News