වසංගතය හමුවේ වුවද වසර 2020 දී ඉදිරිපත් කෙරුණු ජාත්‍යන්තර පේටන්ට් අයදුම්පත් සංඛ්‍යාව දෙලක්ෂ අසූ දහසක් පමණ දක්වා වැඩි වූ අතර එය සියයට 4ක වර්ධනයක් බව ලෝක බුද්ධිමය දේපල හිමිකම් සංවිධානය පසුගිය (2) නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
වසර 2019යේදී මෙන්ම, අඛණ්ඩව අමෙරිකාව අභිබවා යමින් වැඩිම ජාත්‍යන්තර පේටන්ට් අයදුම්පත් ඉදිරිපත් කළ රට බවට චීනය පත් විය.
චීනය ඉදිරිපත් කළ ජාත්‍යන්තර පේටන්ට් අයදුම්පත් සංඛ්‍යාව 68,720ක් වන අතර එය වසර 2019ට වඩා සියයට 16.1කින් වැඩිවීමකි.
වසර 2020 දී චීන ආර්ථිකය දැක්වූ විශිෂ්ට වර්ධන තත්ත්වය එරට අඛණ්ඩවම වැඩිම ජාත්‍යන්තර පේටන්ට් අයදුම්පත් ඉදිරිපත් කළ රට බවට පත්වීමට හේතුවක් වූ බව ලෝක බුද්ධිමය දේපල හිමිකම් සංවිධානයේ පළමු අර්ථ ශාස්ත්‍රඥ Carsten Fink මහතා අදහස් කරයි.