හෙට (15) සිට ඉතාලියේ නගර රැසක් රතු කලාප ලෙස නම් කෙරේ

මාර් 14, 2021

    හෙට සිට ඉතාලියේ මිලාන් නගරය, ලෝම්බාඩ් ඇතුළු ප්‍රදේශ රැසක් මෙන්ම රෝමය අවට ප්‍රදේශ රැසක් ද රතු කලාප ලෙස නම් කෙරෙන බව, එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    මේ අනතුරු ඇඟවීමත් සමග රටේ ප්‍රදේශ රැසක් සඳහා දැනටමත් දැඩි සෞඛ්‍ය හා සංචරණ සීමා පනවා තිබේ. එහි මූලික අදියරක් ලෙස හෙට සිට එම ප්‍රදේශවල පාසල්, කඩසාප්පු, ආපන ශාලා සහ කෞතුකාගාර වසා දැමීමට නියමිතයි.

    ඉකුත් සතියේ පමණක් ඉතාලියෙන් නව ආසාදිතයින් එක් ලක්‍ෂ 50,000කට අධික පිරිසක් හඳුනා ගැණින. එහෙත් ඉන් පෙර සතියේ හඳුනා ගත්තේ නව ආසාදිතයින් එක් ලක්‍ෂ 31,000කටත් අඩු පිරිසක් පමණි.

    මේ අනුව වසංගතය ආරම්භ වී වසරක් ගත වුවද රට තුළ තෙවන කොරෝනා රැල්ලක් ව්‍යාප්තවීමේ අවාසනාවන්ත තත්වයකට මුහුණ පෑමට සිදුවී ඇතැයි, එරට අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රැගී ප්‍රකාශ කරයි. ඉකුත් පැය 24 තුළ එරටින් නව කොරෝනා ආසාදිතයින් 26,000ක් සහ මරණ 317ක් වාර්තා විය.

    Latest News