මියන්මාරයේ වෙඩි තැබීමෙන් 12ක් මරුට

මාර් 14, 2021

    මියන්මාරයේ බලය ලබාගත් හමුදා පාලනයට එරෙහිව විරෝධතාවල නියුතු පුද්ගලයන්ට වෙඩි තැබීමේ සිද්ධීන් රැසක් ඊයේ වාර්තා විය.

    ඉන් පුද්ගලයන් 12ක් ජිවිතක්‍ෂයට පත් වී තිබේ. මේ අතරින් 5ක් මියගියේ මියන්මාරයේ දෙවැනි විශාලතම නගරය වන මැන්ඩෙල් නගරයේ උද්ඝෝෂණකරුවන්ට එල්ල වූ වෙඩි තැබීම්වලින්.

    වාණිජ නගරයක් වූ යැංගුන්, පයායි, චාවුක් යන නගරවල සිදු කෙරුණු වෙඩි තැබීම්වලින් තවත් 7ක් මරුමුවට පත්විය. මියන්මාරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ටොම් ඇන්ඩෘෘස් පවසන්නේ මියන්මාර හමුදා පාලනය ජාත්‍යන්තර මානුෂිය නීති උල්ලංඝනය කරමින් ක්‍රියාකරන බවයි.

    දැනටමත් එරට හමුදාව කළ වෙඩි තැබීම්වලින් විරෝධතාකරුවන් 80කට අධික පිරිසක් මියගිය අතර, තවත් දහස් ගණනක් අත්අඩංගුවට පත්වූහ. මියගිය අය අතරට භික්‍ෂූන් වහන්සේ නමක් ද ඇතුළත්. ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වූ අවුන් සාන් සුකි තවමත් හමුදා අත්අඩංගුවේ පසවුන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    Latest News