අමෙරිකාවේ කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළට....

මාර් 27, 2021

    අමෙරිකාවේ කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතී.

    ඉකුත් පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 76,976ක් හඳුනා ගනු ලැබූ අතර, මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව, මිලියන 30කට අධිකයි. ඉකුත් පැය 24 තුළ අමෙරිකාවේ කොවිඩ් මරණ 1,289ක් සිදුව තිබේ. මේ අතර අමෙරිකානු දේශපාලඥයෙකු ලොව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය ආයතනවලින් ඉල්ලා ඇත්තේ, එරට කොවිඩ්-19 එන්නත්කරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය පුවත් ප්‍රචාරය කරන පුද්ගලයින්ගේ ක්‍රියාකලාපය වැළැක්වීමට පියවර ගන්නා ලෙසයි.

    මේ වනවිටත් ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිත කරමින් එන්නත්කරණය පිළිබඳව විශාල පිරිසක් නොමඟ යවා ඇති බව ඔහු පෙන්වා දෙයි. කෙසේ වුවද ෆේස්බුක් ආයතනය ඒ සම්බන්ධයෙන් සොයා බලන බවට මේ වනවිට ප්‍රකාශ කර තිබුණ ද ගූගල් සහ ට්විටර් ආයතන ඒ පිළිබඳ මෙතෙක් සිය ප්‍රතිචාරය දක්වා නොමැත.

    Last modified on සෙනසුරාදා, 27 මාර්තු 2021 19:31

    Latest News