ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව පන් ලක්‍ෂ 80,000 ඉක්මවයි

මාර් 28, 2021

    ගත වූ පැය 24 තුළ ගෝලීය වශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පන් ලක්‍ෂ 80,000 ඉක්මවා තිබේ. 

    මේ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 12ස් කෝටි හැත්තෑ දෙලක්‍ෂ 94,000 ඉක්මවා ගියේය. අමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව තුන් කෝටි නව ලක්‍ෂ 17,000 ඉක්මවා තිබේ.

    ඒ ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙසින්. ගතවූ පැය 24 තුළ පමණක් අමෙරිකාවෙන් 63,647ක ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබේ. නමුත් ලොව වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් තවමත් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්. බ්‍රසීලයේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි 24 ලක්‍ෂ 90,000 ඉක්මවා තිබේ.

    කොරෝනා වසංගතය ව්‍යාප්තිය හමුවේ බ්‍රසීල සෞඛ්‍ය අංශ දැඩි පීඩනයකට ලක්ව තිබේ. රෝහල්වල ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති වීම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. බ්‍රසීලයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව තුන් ලක්‍ෂ 10,000 ඉක්මවා තිබේ. ප්‍රතිකාර ලබාගන්නා සංඛ්‍යාව 13 ලක්‍ෂය ඉක්මවයි.

    Latest News