කැරොලයින්ගේ රූ රැජින කිරුළ අයර්ලන්තයට

අප්‍රේ 21, 2021

    2020 ලෝක විවාහක රූ රැජින කිරුළ අයර්ලන්තයේ කේට් ෂයිඩර්ට ලබා දීමට ලෝක විවාහක රූ රැජින සංවිධායක කමිටුව තීරණය කර තිබේ.

    ඒ කැරෝලයින් ජුරි සිය කිරුළ ස්වෙච්ජාවෙන් අත්හැරීමට තීරණය කිරීමත් සමගයි.

    විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක විවාහක රූ රැජින සංවිධායක කමිටුව මේ බව ප්‍රකාශ කළේය. ඒ අනූව, කිරුළ හිමි වන අයර්ලන්ත විවාහක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය දිනාගත් තරගකාරිනියයි.

    පසුගිය දා මෙරට පැවති 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගය අවසානයේ මතු වූ අර්බුදකාරී තත්වයත් සමගයි, කැරොලයින් ජූරි සිය විවාහක රූ රැජින කිරුළ අත්හැරීමට තීරණය කළේ.

    කෙසේ වුවද, ඇයට සහ ඇගේ පවුලට අනාගතයේ සියලු කටයුතු සාර්ථකව සිදු කිරීමට හැකි වේවායි,ලෝක විවාහක රූ රැජින සංවිධායක කමිටුව සුබ පැතුම් එක් කර තිබේ.

    Latest News