ජගත් මිහිකත දිනය අද

අප්‍රේ 22, 2021

    ජගත් මිහිකත දිනය අදට යෙදි තිබේ. 1969 වසරේ දී අමෙරිකාවේ සැන් ෆැන්සිස්කෝ නගරයේ පැවති යුනෙස්කෝ සමුළුවේ දී මිහිකත දිනය පිළිබඳ ප්‍රථම සංවාදය පවත්වනු ලැබීය.

    යුනෙස්කෝ සංවිධානයේ සාම ක්‍රියාකාරිකයෙකු වූ ජෝන් මැක්කොනෙල්ගේ අදහසකට අනූව පෘථිවිය හා සාමය පිළිබඳ සංකල්පයට ගෞරව දැක්වීම සඳහා මෙම දිනය යෝජනා කර තිබේ.

    එය ලොව පුරා ජනතාවට පාරිසරික ආරක්ෂණය පිළිබඳ ඉගැන්වීමක් හා දැනුමක් ලබාදීමේ දිනයක් ලෙස සැමරීම පළමු වරට ආරම්භ කරනු ලැබ ඇත්තේ 1970 වසරේ දී, ජගත් මිහිකත දිනය 2021 වසරට යෙදී ඇති තේමාව කරන්නේ අප මිහිතලය ප්‍රකෘතිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳවයි.

    ඒ වෙනුවෙන් ලොව විවිධ ස්ථානවල සැමරුම් උත්සව සංවිධාන කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

    Last modified on බ්‍රහස්පතින්දා, 22 අප්‍රේල් 2021 08:53

    Latest News