දැඩි සත්කාර ඒකකවල ධාරිතාව උපරිම තලයට පැමිණ ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. සෞඛ්‍ය බලධාරින් ජනතාවට අවධාරණය කර ඇත්තේ රට තුළ වසංගත තත්වය තීරණාත්මක කාල සීමාවක පවතින බැවින්, ඒ පිළිබඳව වඩාත් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි.
ඉකුත් පැය 24 තුළ මැලේසියාවෙන් කොරෝනා නව ආසාදිතයන් 6239ක් වාර්තා වී ඇති අතර, එම කාලසීමාවේ කොරෝනා මරණ 75ක් සිදුව තිබේ.