යමුනා ගංගාවේ මතුපිට විස සහිත පෙණ ද්‍රාවණයක් මතුවෙලා

ජූනි 25, 2021

    ඉන්දියාවේ නවදිල්ලි අගනුවර හරහා ගලා බසින යමුනා ගංගාවේ මතුපිට විස සහිත පෙණ ද්‍රාවණයක් මතුව තිබෙන බව වාර්තාවේ.

    හින්දු භක්තිකයන් ශුද්ධ වස්තුවක් ලෙස සැලකෙන එම ගංගාවේ අද උදෑසන සිට මෙය දක්නට ලැබෙන බව වාර්තාවේ. යමුනා ගංගාවේ ජලය වැසි සමයේදී මාස 3ක් පමණක් පිරිසිදු තත්වයේ පවතින අතර පසුව එය ඉතා අපිරිසිදුවේ.

    මෙම ජලය ස්නානය කිරීමෙන් විවිධ ආසාත්මිකතා ඇතිවන බව වාර්තාවේ. නවදිල්ලියේ ජල අවශ්‍යතාවලින් 60%ක් යමුනා ගංගාව තුළින් සපුරා ගන්නා අතර නගරයේ අප ජලය බැස යන්නේ ද මෙම ගංගාවටයි.

    එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ දරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් පාචනය වැනි ජලයෙන් බෝවන රෝගවලින් පීඩා විඳින බව වාර්තාවේ. නවදිල්ලියේ පමණක් දිනකට අපද්‍රව්‍ය ලීටර් බිලියන 3.6ක් පවතින අතර ඉන් අඩකට වඩා අඩු ප්‍රමාණයක් ඵලදායි ලෙස පිරිපහදු කෙරේ.

    ඉතිරි ජලය යමුනා ගංගාවට මුදා හැරෙන බව වාර්තාවේ.

    Latest News