චෙක් ජනරජයට බලපෑ දරුණු සුළි කුණාටුවෙන් 4ක් මරුට

ජූනි 25, 2021

    චෙක් ජනරජයේ දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකට බලපෑ දරුණු සුළි කුණාටුවක් හේතුවෙන්, සිව් දෙනෙක් මියගොස් තිබේ.

    තවත් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තාවේ. ඊයේ රාත්‍රී සුළි කුණාටුව හට ගැණින. නිවාස මෙන්ම ගොඩනැගිලි රැසකට බරපතල හානි සිදුව තිබේ. පැයට කිලෝ මීටර 332ක වේගයෙන් හැමූ සුළි කුණාටුව මෑත ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම සුළි කුණාටුව බව එරට මාධ්‍ය පවසයි.

    ඔස්ට්‍රියානු දේශසීමාව ආසන්නයේ පිහිටි ප්‍රදේශ රැසකට ද මෙය බලපා තිබේ. පවතින තත්වය පාලනය සඳහා ඔස්ට්‍රියාව සහ ස්ලෝවෙකියාව, චෙක් ජනරජයට සහන සේවා කණ්ඩායම් එවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Latest News