ෆ්ලොරිඩාහි මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් 99ක් සුන්බුන් අතර

ජූනි 25, 2021

    අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් 99 දෙනෙකු සුන්බුන් අතර වැළලී තිබේ.

    මේ වනවිට මළ සිරුරු හතරක් සොයාගෙන ඇති බව සහන සේවකයන් පවසයි. කඩා වැටීමට ලක්වුණේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයාමි නගරයේ සුප්‍රකට වෙරළ තීරය ආසන්නයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක්.

    එය 1980 වසරේ ඉදි කරනු ලැබූවක්. එහෙත් ගොඩනැගිල්ල ශක්තිමත් බව නොබෝදා කළ ඉංජිනේරු පරීක්‍ෂණ මගින් සහතික කොට තිබිණ. එහි කොටසක් ඊයේ අලුයම 6.00ට පමණ කඩා වැටිණ. ගොඩනැගිල්ලේ තිබූ නිවාස 136න් 55ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

    අනතුරට හේතුව කුමක්දැයි මේ දක්වා තහවුරු කර නොමැත. සුන්බුන් අතර සිරවූ පුද්ගලයන් සොයා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් පුළුල් කර ඇති බව වාර්තාවේ.

    Latest News