පිලිපීන පැසිග් ගංගා හා ඒ අවට පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක්

ජූනි 25, 2021

    ලෝකයේ වඩාත්ම දූෂිත ගංගාවක් ලෙස සැලකෙන පිලිපීනයේ මැනිලාහි පැසිග් ගංගා හා ඒ අවට පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක් එරට රජය ආරම්භ කර තිබේ.

    ඊට පුද්ගලයන් සිය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා ඇති බව වාර්තාවේ. එම කණ්ඩායම හැඳින්වෙන්නේ ගංගා රණශූරයන් නමින්. දිනකට කසළ ගෝනි 80ත්, 100ත් අතර ප්‍රමාණයක් එකතු කරගන්නා බව ඔවුන් ප්‍රකාශ කරයි.

    පිලිපීනයේ පරිසර හා ස්වභාවික සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් ජොආන් ලැගුම්ඩා පවසන්නේ කසළ ප්‍රමාණය අවම කිරීම සඳහා විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

    එය පළාත් පාලන ආයතන එක්ව ක්‍රියාත්මක කෙරේ. ගංගා ඉවුරේ අවිධිමත් පදිංචිකරුවන් වෙනත් ස්ථානයක පදිංචි කරවීමට ද නියමිතයි. අමෙරිකාවේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මේ වසරේදී කළ පරීක්‍ෂණයකින් හෙළි වී ඇත්තේ ලොව සාගර දූෂණය ආරම්භ වන්නේ ගංගා හා වෙරළ තීරයන්ගෙන් බවයි.

    ඉන් 81%ක් ආසියාවෙන් වන අතර එයින් තුනෙන් එකක් පිලිපීනයට අයත් වන බවට අනාවරණය වී තිබේ.

    Latest News