ඉන්දුනීසියාව, ජාවා දූපත අඟුලු දමයි

ජූලි 01, 2021

    ඉන්දුනීසියාව, එරට ප්‍රධාන දූපත වන ජාවා දූපත අඟුලු දැමීමට තීරණය කර තිබේ.

    ඒ, කොරෝනා ආසාදිතයන් ඉහළයාම හේතුවෙන්. ඉන්දුනීසියාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් ලක්‍ෂ 22කට වැඩි පිරිසක් හමුවී ඇති අතර, ඉකුත් වූ පැය 24 තුළ පමණක් හමුවු ආසාදිතයන් සංඛ්‍යාව 24,000කට අධිකයි.

    සමස්ත මරණ සංඛ්‍යාව 59,000කට ආසන්න වන අතර, ඊයේ පමණක් 500කට අධික මරණ වාර්තා විය. ආසාදිත සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩිවිය හැකි බව බලධාරීන් පවසයි.

    Latest News