නිව් සවුත්වේල්ස්හි නව ආසාදිතයින් 466ක්

අගෝ 15, 2021

    ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් නව කොවිඩ් ආසාදිතයින් 466ක් හඳුනා ගෙන තිබේ.

    වැඩිම ජනතාවක් වාසය කරන නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය හා සිඩ්නි නුවර රෝගය පැතිරීම සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව එරට බලධාරීන් පවසයි. ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තවීමත් සමඟ රෝහල් ගත කිරීම් ද ඉහළ අගයක් ගෙන තිබේ. රෝගය පාලනය කිරීම දුෂ්කර වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

    ප්‍රධාන නගරවලින් වාර්තා වූ ඩෙල්ටා ප්‍රභේදය ග්‍රාමීය ප්‍රදේශ දක්වා ව්‍යාප්තවීමත් සමඟ සිඩ්නි නුවර ඇතුළු ප්‍රදේශ රැසක් වසා දැමිණ. එරටින් ආසාදිතයින් 39,103ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 957ක්.

    Latest News