විදේශ හමුදාවට ඔත්තු සැපයූ ඇෆ්ගන් වැසියන් සොයා මෙහෙයුම්...

සැප් 02, 2021

    විදේශ හමුදාවට ඔත්තු සැපයූ සහ ජාත්‍යන්තර සහයෝගීතාවයට සහය පළ කළ ඇෆ්ගනිස්තානු පුරවැසියන් සොයා මෙහෙයුම් ආරම්භ කිරීමට තලෙයිබාන් සංවිධානය පියවර ගෙන තිබෙනවා.

    සියලු විදේශීය හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්ව යෑමෙන් පසු එවැනි පුරවැසියන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ. අමෙරිකානු හමුදා ප්‍රමුඛ සේනාංකවල සාමාජිකයින් සියලුදෙනා පසුගිය 31 වැනිදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් විය. ජෝ බයිඩන් ජනාධිපතිවරයා කියා සිටියේ,  අමෙරිකානු හමුදා තවදුරටත් ඇෆ්ගනිස්තානයේ රඳවා තැබීම විකල්පයක් නොවන බවයි.

    විසි වසරක ඇෆ්ගනිස්තානු සිවිල් යුද්ධය නිමා කොට,  අමෙරිකානු සොල්දාදුවන් යළි සිය රටට පැමිණ තිබෙනවා. තලෙයිබාන් සංවිධානය හා පෙර එකඟවූ ආකාරයට ඇෆ්ගනිස්තානු සරණාගතයින් ඉවත් කිරීමේ හා අමෙරිකානු හමුදා රැඳී සිටීම පසුගිය 31 වැනිදායින් පසු අත්හිටුවීමට අමෙරිකාව ප්‍රමුඛ බටහිර බලඇණිය පියවර ගන්නා ලදි. එහෙත්, ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට කැමැත්තෙන් පසුවන පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් එරට සිටින බවයි, වැඩිදුරටත් වාර්තා වී ඇත්තේ. .

    Latest News