සෞදි කුමරු සමඟ 1000ක් පකිස්තානයට

පෙබ 18, 2019

    සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු දෙදින සංචාරයක් ආරම්භ කරමින් ඊයේ පකිස්තානයට ළඟා විය.

    මොහොමඩ් බින් සල්මාන් කුමරු පකිස්තානයට නිල රාජ්‍ය චාරිකාවක් සඳහා පැමිණෙන්නේ ප්‍රථම වතාවටයි. ගුවන් තොටුපොළට පැමිණි කුමාරු පිළිගනු ලැබුවේ පකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන් හා එරට හමුදාපතිවරයා විසින්. සෞදි කුමරු සඳහා ආචාර වෙඩිමුර 21ක් පිළිගැන්වීය. සංචාරය අතරතුර පකිස්තානය හා සෞදි අරාබිය අතර ඩොලර් බිලියන 21ක් වටිනා ගිවිසුම් අත්සන් කෙරුණු ඇති. කුමරු සමග 1000ක් පමණ දූත පිරිසක් පකිස්තායට පැමිණ තිබේ.

    කුමරු පැමිණෙන අවස්ථාවේ පකිස්තානය ගුවන් සීමාව සම්පූර්ණයෙන්ම වසා තැබුණු අතර, ප්‍රහාර ගුවන් යානාවල ආරක්ෂාව මධ්‍යයේ සෞදි කුමරු රැගත් ගුවන් යානය ඉස්ලාමාබාද් නුවරට ගොඩබස්සවනු ලැබීය.

     

    Last modified on සදුදා, 18 පෙබරවාරි 2019 07:57

    Latest News