කොලොම්බියා අපරාධ කල්ලි නායකයා දැලේ....

ඔක් 24, 2021

    කොලොම්බියාවේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් හා එරට ප්‍රමුඛතම අපරාධ කල්ලියේ නායකයා වන "ඩයිරෝ ඇන්ටෝනියෝ උසුගා" එරට ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්ව තිබෙනවා.  

    එරට හමුදාව සහ පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ මෙහෙයුමකින් පසු වයඹදිග කොලොම්බියාවේ ඇන්ටොකිඊයා පළාතේ පැනමා දේශ සීමාව ආසන්න ප්‍රදේශයකදී ඔහුව අත්අඩංගුවට ගැණුනා.

    මෙහෙයුම් අතරතුර එක් පොලිස් නිලධාරියෙකු මියගොස් ඇති බවයි, වාර්තා වන්නේ. ඩයිරෝ පිලිබඳ තොරතුරු ලබා දෙන පුද්ගලයින් සඳහා එරට රජය විසින් ඩොලර් 800,000 ක මුදලක් පිරිනැමීමට ද එක්සත් ජනපදය ඩොලර් මිලියන 5 ක මුදලක් ද ලබාදීමට කටයුතු කර තිබෙනවා.

    Latest News