රසායනික ද්‍රව්‍ය රැගත් බහාලුම් නෞකාවක ගින්නක්....

ඔක් 25, 2021

    කැනඩාවට අයත් මුහුදු ප්‍රදේශයේදී රසායනික ද්‍රව්‍ය රැගත් බහාලුම් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා. මෙලෙස ගිනිගෙන ඇත්තේ, පතල් කැණීමේදී භාවිත කරන රසායනික ද්‍රව්‍යය රැගත් මෝල්ටා රාජ්‍යයේ ධජය සහිත “එන් වී සීම් කිංස්ටන්“ නම් බහාලුම් නෞකාව බවයි, වාර්තා වන්නේ.

    නෞකාවේ කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු ආරක්‍ෂිතව ඉවත්කර ගැනීමට කැනඩාවේ වෙරළ ආරක්‍ෂක නිලධාරීන් සමත් වී තිබෙනවා. නමුත්, තවත් 5 දෙනෙකු ගිනි ගනිමින් ඇති නෞකාවේ සිටින බවටයි, වාර්තා වන්නේ. ගින්න නිවා දැමීමට ටග් යාත්‍රා සහ හෙලිකොප්ටර් යානා යොදවා ඇති බව, වෙරළ ආරක්‍ෂක නිලධාරින් ප්‍රකාශ කරනවා.

    නෞකාව තුළ පැතිරයන ගින්නක ස්වභාවයක් නොමැති බවයි, වෙරළ ආරක්‍ෂක කණ්ඩායම් වාර්තා කරන්නේ. නමුත්, නෞකාවේ රසායනික ද්‍රව්‍ය පුපුරායාමේ අවදානමක් පවතින බව, ඔවුන් වාර්තා කර තිබෙනවා.

    Last modified on සදුදා, 25 ඔක්තෝබර් 2021 18:47

    Latest News