වසර 116 කට පසුව චීනයට බලපෑ දරුණුතම හිමපතනය මෙය බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ. වර්ෂ 1905 න් පසුව චීනය මුහුණ දෙන දරුණුතම හිම පතනය මෙයයි, මේ වන විට එම ප්‍රදේශය වෙත අධික හිම කුණාටු පිළිබඳ අනතුරු අඟවමින් රතු නිවේදන 27 ක් නිකුත් කර තිබෙනවා.
බලපා ඇති කාලගුණික තත්වය හේතුවෙන් නිවෙස් උණුසුම්ව තබා ගැනීම ඉතා අසීරු මට්මක පවතින බව, එරට කාලගුණ දෙපාර්තමේන්තුව පවසනවා. බලධාරින් කියා සිටියේ, නිවාස උණුසුම්ව තබාගැනීමේ උත්සාහයක් ලෙස ගල් අඟුරු ආනයනය ඉහළ නැංවීමට සහ බලශක්ති නිෂ්පාදන ධාරිතාව උපරිම කිරීමට පියවර ගන්නා බවයි.
පවතින ශීත ඍතුව හේතුවෙන් බලසැපයුම් සහ ඉල්ලුම අතර අසමතුළිතතාවක් හටගෙන ඇතැයි, බලධාරින් පවසනවා. මෙවර බලපෑ හිම පතනය අනපේක්ෂිත කාලගුණික විපර්යාසයක් ලෙසයි, චීන කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ.