සිදුවීමෙන් 5 දෙනෙකු මියගොස් 50ක් පමණ තුවාල ලැබීය. විස්කොන්සින් ප්‍රාන්තයේ වොකේෂා නගරයේ වාර්ෂිකව පැවැත්වෙන නත්තල් පොළපාලියක දී අනතුර සිදුවිය. තුවාලකරුවන් අතර පෙළපාලියේ ගමන් ගත් කුඩා දරුවන් ද සිටින බව, විදෙස් වාර්තාවල සඳහන්.
එස්.යූ.වී. වර්ගයේ රථය, පෙළපාලියට කඩාවැදී ඇත්තේ තූර්ය වාදක කණ්ඩායම් ප්‍රමුඛ කරගනිමින්, සියලු දෙනා ගමන් කරමින් සිටි අවස්ථාවේදී.
අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ආරක්ෂක අංශ පවසන්නේ, මෙය ත්‍රස්ත ක්‍රියාවක් බවට මෙතෙක් තහවුරු කළ නොහැකි බවයි.