ප්රහාරය සිදුකර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක රථ පෙළක් ඉලක්ක කර ගනිමින්.
ප්රහාරයෙන් තවත් 17ක් බරපතල තුවාල ලබා තිබෙනවා. ඒ අතර පාසල් සිසුන් ද සිටින බව, විදෙස් වාර්තාවල සඳහන්. මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් මෙලෙස පුපුරා ගොස් තිබෙනවා. අල්ෂබාබ් ත්රස්ත කණ්ඩායම ප්රහාරයේ වගකීම බාරගනු ලැබුවා.
බෝම්බ ප්රහාරයෙන් පසු ප්රදේශයේ වෙඩි හුවමාරුවක් ද සිදුවු බවයි, ප්රදේශවාසීන් ප්රකාශ කර ඇත්තේ. කෙසේ වුවද තුවාල ලැබූ සහ මියගිය පිරිස අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් සිටී ද යන්න මෙතෙක් නිශ්චිතව ප්රකාශ කර නැහැ.
එම සංවිධානය ද මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්රකාශයක් නිකුත් කර නොමැති බවයි, වාර්තා වන්නේ. ඉකුත් මාස කිහිපය පුරා සෝමාලියාව තුළ අල්ෂබාබ් ත්රස්ත ක්රියා ඉහළ ගෝ ඇති බව, එරට බලධාරීන් පවසනවා.