ඉන්දියාවේ සිට පකිස්තානයට ගලාඑන ජලය සීමා කෙරේ

පෙබ 22, 2019

    ඉන්දියාව තම රටට ලැබෙන ගංගා ජලය අවහිර කරන්නේ නම්, ඊට මුහුණදීමට සූදානම් බවට, පකිස්තානය අනතුරු අඟවයි.

    ඉන්දියාවේ නැගෙනහිර සිට ගංගා තුනක් ඔස්සේ පකිස්තානයට ගලාඑන ජලය සීමා කිරීමට ඉන්දීය රජය සූදානම් වන බවට වාර්තා පළවී වී ඇත.
    උතුරු දිග ඉන්දියාවේ සිට පකිස්තානය දෙසට ගලාඑන ගංගාවල ජලය සම්බන්ධයෙන් අලුත් මතභේදය හටගෙන තිබේ. යම් හෙයකින් ඉන්දියාව බටහිර ප්‍රදේශයේ ගංගා ජලය අවහිර කරන්නේ නම්, දැඩි ක්‍රියාමාර්ගයකට එළඹෙන බව, පකිස්තාන රජය පවසයි.

    මේ අතර ඉන්දියාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට සුදුසු ප්‍රතිචාරයක් දැක්වීමට අවශ්‍ය බලය අගමැති ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජය විසින් පකිස්තාන හමුදාව වෙත අද ලබාදුන්නේය. පෙබරවාරි 14 වැනිදා කාෂ්මීරයේ පකිස්තාන ආධාර ලබන ජේ.ඊ.එම්. නමැති සන්නද්ධ කල්ලිය එල්ල කළ ප්‍රහාරයකින් ඉන්දීය සෙබළුන් 40 කට අධික පිරිසක් මියගියේය. දෙරට අතර යුද උණුසුම් හටගත්තේ ඉන් පසුවයි.

    Latest News