"සෙමෙරු" පුපුරා යාමෙන් 13ක් මරුට...

දෙසැ 05, 2021

    ඉන්දුනීසියාවේ ජාවා දූපතේ පිහිටි සෙමෙරු ගිනිකන්ද ඊයේ පුපුරා යාම හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබෙනවා.

    100කට අධික පිරිසක් තුවාල ලැබුවා. ඊයේ සවස සිට මෙම ගිනි කන්දෙන් අළු විශාල වශයෙන් නිකුත්වීමට පටන් ගත් අතර එම අළු අඩි 50,000 දක්වා ඉහළට විසිරුණු බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    මේ තත්වයත් සමඟ අග්නිදිග ආසියාව හරහා සිදු කෙරෙන ගුවන් ගමන්වලට බාධා එල්ලවීමට ඉඩ ඇති බවට, ඕස්ට්‍රේලියානු නිරීක්‍ෂණ ආයතනය අනතුරු අඟවනවා. මේ තත්වයත් සමඟ කිනිකන්ද අවට කිලෝ මීටර් 5ක් අවදානම් කලාපයක් ලෙස නම් කර තිබෙනවා. මේ වනවිටත් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    Latest News