අමෙරිකාවේ "ඔමික්‍රෝන්" ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට.....

දෙසැ 05, 2021

    ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තියේ දරුණුතම බලපෑමට ද ලක්ව ඇති අමෙරිකාවේ, ඔමික්‍රෝන් නවතම ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින බව, එරට සෞඛ්‍ය අංශ පවසනවා.

    ඔමික්‍රෝන් ව්‍යාප්තියේ ආරම්භයත් සමඟ එරට රෝහල් පද්ධතිය යළි අර්බුදයට ලක්වීමේ අවදානමක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. අමෙරිකාවේ ප්‍රාන්ත 12කින් හඳුනා ගැණුනු 20 දෙනෙකුට වැඩි පිරිසක් ඔමික්‍රෝන් නව ප්‍රභේදය ආසාදිත බවට තහවුරු වී ඇතැයි එරට බලධාරීන් පවසනවා. ඔවුන් කිසිවෙකුට නව ප්‍රභේදය ආසාදනය වීමෙන් දරුණු රෝගාබාධ මෙතෙක් වර්ධනය වී නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

    මෑතකදී දකුණු අප්‍රිකාවේ සංචාරය කළ පුද්ගලයින් මෙන්ම කිසිදු සංචාරයක නිරත නොවූ අය ද ඒ අතර සිටිනවා. අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය එරට ප්‍රජාව තුළ සම්ප්‍රේෂණය වීම ආරම්භ වී ඇති බවයි. නව ප්‍රභේදය රට තුළට ඇතුළුවීමත් සමඟ අමෙරිකාවෙන් දෛනිකව හඳුනා ගැනෙන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද ඉකුත් දින 30 දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ද ඔවුන් පවසනවා.

    Latest News