'ත්වෙයිට්ස්' ග්ලැසියරය දිය වී යාමේ අවදානමක්

දෙසැ 14, 2021

    ඇන්ටාක්ටිකාවේ ත්වෙයිට්ස් ග්ලැසියරය ඉදිරි වසර 5 හෝ 10 අතර කාලය තුළ මහා පරිමාණයෙන් දිය වී යාමේ අවදානමක් ඇතැයි විද්‍යාඥයින් අනතුරු අඟවයි. ගෝලීය උණුසුම ඉහළ යාම මීට හේතුවයි.

    ත්වෙයිට්ස් ග්ලැසියරයට පහතින් පිහිටි මුහුදු ප්‍රදේශයේ උණුසුම් ජල ප්‍රවාහ හේතුවෙන් කිලෝ මීටර් 14ක ‍කොටසක් දිය වී ගොස් තිබේ. ඒ හේතුවෙන් ග්ලැසියරය ගොඩබිමට තිබූ සම්බන්ධය හීන වී ඇති අතර එහි වැඩි කොටසක් මුහුද මත පාවෙමින් තිබීම මෙම අවදානමට හේතුවයි.

    බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු පර්යේෂකයින් පිරිසක් මේ වන විට ඒ පිළිබඳ අධ්‍යයනය කරමින් සිටියි. යම් හෙයකින් ග්ලැසියරය සම්පූර්ණයෙන්ම දිය වී ගියහොත්, එහි බලපෑමෙන් සාගර ජල මට්ටම සෙන්ටිමීටර් 65කින් ඉහළ යන බවයි, විද්‍යාඥයින් පවසන්නේ.

    ගෝලීය උණුසු ඉහළ යාම මේ වන විට මිහිතලයට අතිශය භයානක අනතුරු ඇඟවීමක් සිදු කර ඇති අතර එය වළක්වා ගැනීමට සියලු දෙනා එකාවන්ව ක්‍රියා කළ යුතු බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

    Last modified on අඟහරුවාදා, 14 දෙසැම්බර් 2021 11:41

    Latest News