"ඔමික්‍රෝන්" පළමු මරණය බ්‍රිතාන්‍යයෙන්...

දෙසැ 13, 2021

    කොරෝනා ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සිදුවූ පළමු මරණය අද (13) වාර්තා වූ බව, එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසනවා.

    මේ අතර, සියලු අමෙරිකානුවන් කොරෝනාවට එරෙහි බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගන්නා ලෙස එරට ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුචි ඉල්ලා සිටිනවා. මේ වනවිට ලොව වැඩිම ආසාදිතයන් සහ මරණ වාර්තාවන අමෙරිකාවේ කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ මිලියන 50 ඉක්මවා ගියා. එරට මෙතෙක් සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව අට ලක්‍ෂ 17,000කට අධිකයි.

    Latest News