"ඔමික්‍රෝන්" යුරෝපය පුරා සීඝ්‍රයෙන් පැතිරේ....

දෙසැ 18, 2021

    ඔමික්‍රෝන් වෛරසය යුරෝපය පුරා සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින බව, ප්‍රංශ අග්‍රාමාත්‍ය ජින් කැස්ටෙක්ස් පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ, එය ලබන වසරේ මුල් භාගය වනවිට තම රටට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි. මේ තත්වය කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් නව අවුරුදු උදාව වෙනුවෙන් ප්‍රංශයේ පැවැත්වීමට නියමිතව තිබූ සැමරුම් උත්සව සහ ගිනිකෙළි සංදර්ශන අත්හිටුවීමට රජය පියවර ගෙන තිබෙනවා. යුරෝපයේ රටවල් රැසකම ඔමික්‍රෝන් ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර යමින් පවතිනවා. වෛරසය යම් පාලනයකට ලක්කර තිබූ රටවල් රැසකින්ම මේ වනවිට ඔමික්‍රෝන් ආසාදිතයින් විශාල වශයෙන් හමුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

    Latest News