ඔමික්‍රෝන් ප්‍රභේදය රටවල් 89ක ව්‍යාප්තයි....

දෙසැ 20, 2021

    එළඹෙන නන්තල් සමයත් සමඟ ඔමික්‍රෝන් වෛරස් ව්‍යාප්තිය ඉහළ යනු ඇති බවට අමෙරිකානු සෞඛ්‍ය විශේෂඥයෙකු වන ඇන්තනී ෆවුචි අනතුරු අඟවනවා.

    සම්පූර්ණ එන්නත් කළ පුද්ගලයින් අතර ද රෝගය පැතිර යා හැකි බව ඔහු වැඩිදුරටත් පවසන්නේ. ජනතාව විසින් මුව ආවරණ පැළඳීම හා අනෙකුත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපැදිය යුතු බව, ඔහු පවසනවා. ඒ පිළිබඳ නිසි අවධානය යොමු නොකිරීමෙන් තත්වය තවත් උග්‍ර විය හැකි බවයි, ඔහු පවසන්නේ. නෙදර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය ඇතුළු ලොව රටවල් රැසක් මේ වනවිටත් රට තුළ දැඩි සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබෙනවා. ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වනවිට රටවල් 89ක ව්‍යාප්ත වී තිබෙනවා.

    Latest News