බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උ‍ළෙලේ සියලු ක්‍රීඩකයන්ට සාදර පිළිගැනීමක්

දෙසැ 21, 2021

    බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වන අමෙරිකාව ඇතුළු සියලු රටවල ක්‍රීඩකයන් සාදරයෙන් පිළිගන්නා බව චීනය කියාසිටී.

    සියලු ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහ පහසුකම් චීනය සහතික කරන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Zhao Lijian මහතා ඊයේ(20) පැවසීය.

    අමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් සුළු සංඛ්‍යාවක් ශීත ඍතු ඔලිම්පික් උළෙලට නිලධාරීන් සහභාගි නොකරන බව පසුගිය දා ප්‍රකාශ කර තිබිණ. මේ පිළිබඳව චීනයේ මෙන්ම බහුතර රටවල මතවාදය වූයේ ක්‍රීඩාව කිසිසේත් දේශපාලනීකරණය නොවිය යුතු බවයි. සුරක්ෂිත සහ විශිෂ්ට අයුරින් ඔලිම්පික් උළෙලක් පැවැත්වීම බහුතර ජගත් ප්‍රජාවගේ අපේක්ෂාව බව, Zhao Lijian මහතා පෙන්වාදුන්නේය.

    කෙසේවෙතත්, ක්‍රීඩාව මධ්‍යස්ථභාවයේ පැවතිය යුතුය යන්න ඔලිම්පික් ප්‍රඥප්තිය අවධාරණය කරයි.

    ගෝලීය වසංගතයක් පවතින අභියෝගාත්මක මොහොතක දැඩි වගකීමකින් සංවිධාන කෙරෙන බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල, ක්‍රීඩා සැණකෙළියක් පමණක් නොව, සමස්ත ලෝකයා එකමුතුව, සාමය, හා මිත්‍රත්වය නිරූපණය කරන අවස්ථාවක් බව චීනය කියාසිටී.

    ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ 2022 පෙබරවාරි 04 වැනිදායි.

    Latest News