ඔමික්‍රොන් නිසා යුරෝපය අනතුරේ

දෙසැ 22, 2021

    කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් යුරෝපා කලාපයේ සෞඛ්‍ය පද්ධතිය එහි උපරිම මට්ටම දක්වා පැමිණෙනු ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

    එහි යුරෝපා කලාපීය ප්‍රධානී හාන්ස් ක්ලූග් පවසන්නේ, තත්වය පාලනයට කලාපීය රටවල් ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතු බවයි. මේ අතර ඊශ්‍රායලය එරට වැසියන්ට සිව් වන කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් ලබාදීමට සූදානම් වෙයි.

    යුරෝපයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය යළි ශීඝ්‍ර ඉහළ යාමක් පෙන්නුම් කරයි. ඒ ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන්. යුරෝපා කලාපයෙන් ඊයේ හඳුනා ගැනුණු සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව හාර ලක්ෂ දහසය දහසකට අධිකයි.

    මේ වන විට ලොව රටවල් එකසිය හයකින් ඔමික්‍රෝන් ආසාදිතයන් හඳුනා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද නත්තල් සමය ඉලක්ක කර ගනිමින් පෘතුගාලය ස්විඩනය සහ නෙදර්ලන්තය ඇතුළු තවත් යුරෝපා රටවල් රැසක් වෛරස ව්‍යාප්ති පාලන සීමා යළි බලාත්මක කිරීමට තීරණය කර තිබේ.

    Latest News