වසර මිලියන 66ක් පැරණි ඩයිනොසර් කළලයක් චීනයෙන්

දෙසැ 22, 2021

    පරිපූර්ණ ලෙස සංරක්ෂණය වූ ඩයිනොසර් කළලයක් චීනයෙන් සොයා ගෙන තිබේ. පර්යේෂකයන් පවසන්නේ, මෙය වසර මිලියන 66ක් පමණ ඉපැරණි බවයි.

    දකුණු දිග චීනයේ ගන්ෂු ප්‍රදේශයෙන් මෙය සොයා ගෙන තිබේ. මෙය ඩයිනොසර් පැටවා බිත්තරයෙන් පිටතට පැමිණීමට සුළු මොහොතකට පෙර කළල අවස්ථාවක් බවයි, පර්යේෂකයන් පවසන්නේ. බිත්තරය දත් රහිත, තෙරොපොඩ් හෝ ඕව්රැප්ටොරෝසරයෙකුගේ බවට, විශ්වාස කෙරේ.

    ගවේෂනය සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ ඉතිහාසයේ මෙතෙක් හමුවූ හොඳම ඩයිනොසර් කලලය මෙය බවයි.

    ඩයිනොසර් සත්වයන් සහ වර්තමාන පක්ෂීන් අතර සහ සම්බන්ධතාව වටහා ගැනීමට මෙය ඉවහල් වනු ඇති.

    අදාළ පොසිලයෙන් පෙන්නුම් කෙරෙන්නේ, බිත්තරය රැළි සහිතව බිහිවීමට ඉතා ආසන්න මට්ටමේ පවතින ටකින් නමැති කලල අවස්ථාව බව විද්‍යාඥයන් පවසයි.

    Last modified on බදාදා, 22 දෙසැම්බර් 2021 09:44

    Latest News