තෙරේසා මව්තුමියගේ පදනමට විදෙස් ආධාර දීම ඉන්දියාව අත්හිටුවයි

දෙසැ 28, 2021

    තෙරේසා මව්තුමියගේ පුණ්‍යාධාර පදනමට විදේශ ආධාර ලබා දීම ඉන්දීය රජය අත්හිටුවා තිබේ. ඒ ඉදිරි වසර සඳහා විදේශ ආධාර ලබා ගැනීමේ බලපත්‍රය අලුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන්.

    ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඉකුත් නත්තල්දා නිවේදනය කළේ එම පුණ්‍යාධාර පදනමෙන් නිසි සේවයක් සිදු වී නොමැති වීම මෙම තීරණයට හේතුවූ බවයි.

    ඇතැම් හින්දු දැඩි මතධාරී පාර්ශ්ව චෝදනා කරන්නේ තෙරේසා මව්තුමියගේ පුණ්‍යාධාර පදනම ඔවුන්ගේ මුදල් අන්‍යාගමිකයන් ක්‍රිස්තියානි ආගමට හැරවීමට යොදා ගන්නා බවටයි.

    කෙසේ වෙතත් තෙරේසා මව්තුමියගේ පුණ්‍යාධාර පදනම එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. මෙම පදනම 1950 වසරේ දී ආරම්භ කරනු ලැබුවේ තෙරේසා මව්තුමිය විසින් ඉන්දියාවේ කල්කටා නගරයේදී.

    රෝමානු කතෝලික කන්‍යා සොයුරියක වූ තෙරේසා මවුතුමිය 19කට පසු එනම් 2016 දී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ඇයට ශාන්තුවරියක් ලෙසින් නම් කරනු ලැබීය.

    Last modified on අඟහරුවාදා, 28 දෙසැම්බර් 2021 12:10

    Latest News